මනෝපුබ්බංගමා ධම්මා
මනෝසෙට්ඨා මනෝමයා
මනසා චේ පදුට්ඨේන
භාසති වා කරෝති වා
තතෝ නං දුක්ඛමන්වේති
චක්කං‘ව වහතෝ පදං..
♦ මනස ධර්මයන්ට පෙරටු වෙයි, ශ්‍රේෂ්ඨ වෙයි. ධර්මයෝ මනසින් ම උපදිත්. ඉදින් දූෂිත සිතින් යමක් කියන්නේ නම් හෝ කරන්නේ නම් හෝ ඒ හේතුවෙන් ගොනු අනුව යන ගැල් සක මෙන් දුක ඔහු ලුහුබඳියි….
*************************************************************************
මනෝපුබ්බංගමා ධම්මා
මනෝසෙට්ඨා මනෝමයා
මනසා චේ පසන්නේන
භාසති වා කරෝති වා
තතෝ නං සුඛමන්වේති
ඡායා‘ව අනපායිනී..
♦ මනස ධර්මයන්ට පෙරටු වෙයි, ශ්‍රේෂ්ඨ වෙයි. ධර්මයෝ මනසින් ම උපදිත්. ඉදින් පහන් වූ සිතින් යමක් කියන්නේ නම් හෝ කරන්නේ නම් හෝ ඒ හේතුවෙන්, අත් නො හැර යන සෙවනැල්ල මෙන්, සැපය ඔහු අනුව යයි…
**************************************************************************
අක්කොච්ඡි මං අවධි මං
අජිනි මං අහාසි මේ
යේ තං උපනය්හන්ති
වේරං තේසං න සම්මති..
♦ ” මට බැන්නේ ය, මට පහර දුන්නේ ය, මා පරාජය කළේ ය, මා සතු දෑ පැහැර ගත්තේ ය..” කියා, යම් කෙනෙක් ඒ ක්‍රෝධය තමා ගේ සිත තුළ තබා ගනියි ද, ඔවුන් ගේ වෛරය නො සංසිඳේ…
*************************************************************************
අක්කොච්ඡි මං අවධි මං
අජිනි මං අහාසි මේ
යේ තං න උපනය්හන්ති
වේරං තේසූපසම්මති..
♦ “මට බැන්නේ ය, මට පහර දුන්නේ ය, මා පරාජය කළේ ය, මා සතු දෑ පැහැර ගත්තේ ය” කියා, යම් කෙනෙක් ඒ ක්‍රෝධය තමා ගේ සිත තුළ තබා නො ගනියි ද, ඔවුන් ගේ වෛරය සංසිඳේ…
*************************************************************************
න හි වේරේන වේරානි
සම්මන්තීධ කුදාචනං
අවේරේන ච සම්මන්ති
ඒස ධම්මෝ සනන්තනෝ..
♦ මේ ලෝකයේ කිසි කලෙක වෛරයෙන් වෛරය නො සංසිඳෙයි. අවෛරයෙන් ම වෛරය සංසිඳෙයි. මෙය සනාතන ධර්මයකි..
**************************************************************************
පරේ ච න විජානන්ති
මයමෙත්ථ යමාමසේ
යේ ච තත්ථ විජානන්ති
තතෝ සම්මන්ති මේධගා..
♦ ‘මේ කලහයෙන් අපි නැසෙන බව‘ අන්‍යයෝ නොදනිති. යම් කෙනෙක් ‘අපි නැසෙන බව‘ දනිත් නම් එයින් කලහයෝ සංසිඳෙත්..
*************************************************************************
සුභානුපස්සිං විහරන්තං
ඉන්ද්‍රියේසු අසංවුතං
භෝජනම්හි ච අමත්තඤ්ඤුං
කුසීතං හීනවීරියං
තං වේ පසහතී මාරෝ
වාතෝ රුක්ඛං‘ව දුබ්බලං..
♦ අරමුණු සුභ වශයෙන් බලමින් වාසය කරන, ඉන්ද්රිය සංවරයෙන් තොර, ආහාරයේ පමණ නො දන්නා, කුසීත වූ, හීන වීරිය ඇති ඒ පුද්ගලයාව, ඒකාන්තයෙන් මාරයා මැඩලයි. වාතය දුර්වල ගසක් මැඩලන්නාක් මෙනි.
**************************************************************************
අසුභානුපස්සිං විහරන්තං
ඉන්ද්‍රියේසු සුසංවුතං
භෝජනම්හි ච මත්තඤ්ඤුං
සද්ධං ආරද්ධවීරියං
තං වේ නප්පසහතී මාරෝ
වාතෝ සේලං‘ව පබ්බතං..
♦ අරමුණු අසුභ වශයෙන් බලමින් වාසය කරන, ඉතා හොඳින් සංවරකරගත් ඉඳුරන්ගෙන් යුතු, ආහාරයේ පමණ දන්නා, ශ්‍රද්ධාවෙන් හා අරඹන ලද වීරියෙන් යුතු ඒ පුද්ගලයාව, මාරයා මැඩ නොපවත්වයි. ඒක ඝන සෙල් පර්වතයක් මැඩලන්නට සුළඟට නො හැකි පරිද්දෙනි..
**************************************************************************
අනික්කසාවෝ කාසාවං
යෝ වත්ථං පරිදහෙස්සති
අපේතෝ දමසච්චේන
න සෝ කාසාවමරහති..
♦ කෙලෙස් කසට සහිත වූ, ඉන්ද්රිය දමනයෙන් සහ සත්‍ය වචන කථා කිරීමෙන් තොර වූ යමෙක්, කසාවත් දරා සිටින්නේ වුව ද, ඒ තැනැත්තා කසාවත් දැරීමට සුදුසු නොවෙයි.
**************************************************************************
යෝ ච වන්තකසාවස්ස
සීලේසු සුසමාහිතෝ
උපේතෝ දමසච්චේන
ස වේ කාසාවමරහති..
♦ යම් පුද්ගලයෙක් වමාරා දැමූ කෙලෙස් කසට ඇත්තේ වේ ද, සිල්වත් ද, ඉන්ද්රිය දමනයෙන් හා සත්‍ය වචන කථා කිරීමෙන් යුතු වේ ද, ඔහු ඒකාන්තයෙන් ම කසාව් දැරීමට සුදුසු වේ…
*************************************************************************
අසාරේ සාරමතිනෝ
සාරේ චාසාරදස්සිනෝ
තේ සාරං නාධිගච්ඡන්ති
මිච්ඡාසංකප්පගෝචරා..
♦ (කාමයන් ආදී) අසාරවත් දෙය සාරවත් ලෙස ද, (සීල, සමාධි,ප්‍රඥා ආදී) සාරවත් දෙය අසාරවත් ලෙස ද දකින්නා වූ, මිත්‍යා සංකල්ප ගොදුරු කරගෙන වාසය කරන ඒ මිනිසුන් සාරවත් දෙය කරා නො පැමිණෙත්.
**************************************************************************
සාරඤ්ච සාරතෝ ඤත්වා
අසාරඤ්ච අසාරතෝ
තේ සාරං අධිගච්ඡන්ති
සම්මාසංකප්පගෝචරා..
♦ (සීල, සමාධි,ප්‍රඥා ආදී) සාරවත් දෙය සාරවත් ලෙස ද (කාමාදී) අසාරවත් දෙය අසාරවත් ලෙස ද දැන, සම්මා සංකල්ප ගොදුරු කරගෙන වාසය කරන ඒ ප්‍රඥාවන්තයෝ සාරවත් දෙය කරා පැමිණෙත්.
*************************************************************************
යථාගාරං දුච්ඡන්නං
වුට්ඨි සමතිවිජ්ඣති
ඒවං අභාවිතං චිත්තං
රාගෝ සමතිවිජ්ඣති..
♦ වැසි දහර හොඳින් සෙවිලි නොකළ ගෙයක් විනිවිද යන්නේ යම් සේ ද, එසේ ම කාමරාගය (සමථ විදර්ශනා වශයෙන්) නො වැඩූ සිත විනිවිද යයි.
**************************************************************************
යථාගාරං සුච්ඡන්නං
වුට්ඨි න සමතිවිජ්ඣති
ඒවං සුභාවිතං චිත්තං
රාගෝ න සමතිවිජ්ඣති..
♦ වැසි දහර හොඳින් සෙවිලි කළ ගෙය විනිවිද නො යන්නේ යම් සේ ද, එසේ ම කාමරාගය (සමථ විදර්ශනා වශයෙන්) ඉතා හොඳින් වැඩූ සිත විනිවිද නො යයි.
**************************************************************************
ඉධ සෝචති පෙච්ච සෝචති
පාපකාරී උභයත්ථ සෝචති
සෝ සෝචති සෝ විහඤ්ඤති
දිස්වා කම්ම කිලිට්ඨමත්තනෝ…
♦ පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.
**************************************************************************
ඉධ මෝදති පෙච්ච මෝදති
කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති
දිස්වා කම්ම විසුද්ධමත්තනෝ…
♦ පින් කළ තැනැත්තා මෙලොව දී සතුටු වෙයි. පරලොව දී සතුටු වෙයි. දෙලොව දීම සතුටු වෙයි. තමා ගේ පිවිතුරු ක්‍රියාවන් දැක ඔහු සතුටු වෙයි, බොහෝ සෙයින් සතුටට පත්වෙයි.
**************************************************************************
ඉධ තප්පති පෙච්ච තප්පති
පාපකාරී උභයත්ථ තප්පති
පාපං මේ කතන්ති තප්පති
භිය්‍යෝ තප්පති දුග්ගතිං ගතෝ..
♦ පව් කරන තැනැත්තා මෙලොව දී තැවෙයි. පරලොව දී තැවෙයි. දෙලොව දී ම තැවෙයි. මා විසින් පව් කරන ලදි කියා තැවෙයි. දුගතියට ගොස් බොහෝ සෙයින් තැවෙයි.
**************************************************************************
ඉධ නන්දති පෙච්ච නන්දති
කතපුඤ්ඤෝ උභයත්ථ නන්දති
පුඤ්ඤං මේ කතන්ති නන්දති
භිය්‍යෝ නන්දති සුග්ගතිං ගතෝ..
♦ පින් කළ තැනැත්තා මෙලොව දී සතුටු වෙයි. පරලොව දී සතුටු වෙයි. දෙලොව දී ම සතුටු වෙයි. මා විසින් පින් කරන ලදි කියා සතුටු වෙයි. සුගතියට ගොස් බොහෝ සෙයින් සතුටු වෙයි.
**************************************************************************
බහුම්පි චේ සහිතං භාසමානෝ
න තක්කරෝ හෝති නරෝ පමත්තෝ
ගෝපෝ‘ව ගාවෝ ගණයං පරේසං
න භාගවා සාමඤ්ඤස්ස හෝති
♦ යම් අයෙක් අර්ථ සහිත දෙය බොහෝ කොට කියන්නේ වුව ද, තමන් ප්‍රමාදයට පත් වී, ඉදින් ඔහු එය සිදු නො කරන්නේ නම්, ඔහු අනුන් ගේ ගවයන් බලා ගන්නා ගොපල්ලා මෙන් ශ්‍රමණභාවය (මග ඵල) හිමි කර නො ගනියි.
**************************************************************************
ධම්මස්ස හෝති අනුධම්මචාරී
රාගඤ්ච දෝසඤ්ච පහාය මෝහං
සම්මප්පජානෝ සුවිමුත්තචිත්තෝ
අනුපාදියානේ ඉධ වා හුරං වා
ස භාගවා සාමඤ්ඤස්ස හෝති
♦ යම් අයෙක් අර්ථ සහිත දෙය ස්වල්ප වශයෙන් කියන්නේ වුව ද, ඔහු ධර්මයට අනුව තමන් ගේ ජීවිතය පවත්වන්නේ නම්, රාගයත් ද්වේශයත් මෝහයත් ප්රහාණය කොට, ඉතා මනා නුවණින් යුතු වන්නේ නම්, ඉතා හොඳින් නිදහස් වී ගිය සිතකින් යුක්ත නම්, මෙලොව හෝ පරලොව හෝ කිසිවක් තණ්හාවෙන් අල්ලා නො ගන්නේ නම්, ඔහු ශ්‍රමණභාවය (මග ඵල) හිමි කර ගනියි.
////////////////////////////////////////////////\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\